Thursday, March 29, 2018

ස්ටීව්... වරදක් කළත් නුඹ අවංකයෙකි



මිනිසුන් අතින් වැරදි සිදුවෙයි. සමහර ඒවා හිතා මතා සැළසුම් සහගතව කරන වැරදි ය. එහෙත් කළ වරදින් පසු එහි බරපතළකම තේරුම් ගෙන සමාජය ඉදිරියට පැමිණ ”මම වරදක් කළෙමි. එහි බරපතළ බව මට දැන් වැටහෙයි. මට සමාව දෙන්න” යයි කියන්නට තරම් ආත්මශක්තියක් ඇති මිනිසුන්ට මම ගරු කරමි.

ස්ටීව් ස්මිත් නම් වන අති දක්ෂ පිතිකරුවාට මගේ කැමැත්ත හිමිවන්නේ එනිසා ය.

___________________________________

වීඩියෝව මෙතැනින් බලන්න

තරුණ ක‍්‍රීඩකයනි.. වැරදි තීරණයක් ගන්නටයන්නේ නම් ඔබේ දෙමාපියන් ගැන පළමුව සිතන්න..
___________________________________

අපේ රටේ නම් මෙවැන්නක් සිදුවන්නට ඇති ඉඩ කඩ බොහෝ අඩුය. අති නිහීන වැරදි කලවුන් කිසිදු වරදක් නොකළවුන්සේ සමාජය හමුවේ සිනාසෙමින් කතා කරන ආකාරය දකින විට ඇතිවන අපුල අතිමහත් ය.. උන්ගේ වරද වසන්නට කළ හැකි සැම දේම කරන මාධ්‍ය පමණක් නොව උන්ගේ වැරදි නොදැක්කා සේ උන්ට සුදුහුණු ගාමින් උන් පසුපස යන මිනිසුන්ද අපේ රටට ආවේනික ය. ඒ අපේ අවාසනාව ය.


ඔසියන් ක‍්‍රීඩාවේදී පසුබසින්නට කැමති ජාතියක් නොවේ. උන් තරගකාරීය. ප‍්‍රවේගවත්ය. දිනන්නටම කැමැත්තෝ ය. ක‍්‍රිකට් බෝලය පලූදුකරන්නේ ඒ කැමැත්තටය. එහෙත් මේ මිනිස්සු නරක මිනිස්සු නොවෙති. උන් සමාජය හමුවට පැමිණ වරද පිළිගෙන කඳුළු සළන්නේ එනිසා ය. මිනිසුන්ට බොරුවට සිනාසිය හැකිය. බොරුවට හඬන්නට නොහැකි ය.


නරක මිනිසුන් වන්නේ දහසකුත් එකක් වැරදි කර ඒ කිසිවක් නොකළා සේ සමාජය හමුවේ සිනාසෙමින් සිටින දූෂිතයන් ය. 


සමාව ඉල්ලන්නට ස්ටීව් ස්මිත් සමාජය හමුවට කැඳවාගෙන ආ ඒ පියාටත් මම ගරු කරමි. දරුවන්ගේ වැරදි වසන්නට කළ හැකි සැම දෙයක්ම කරන අපේ රටේ විවිධාකාර මට්ටමේ තාත්තලාට ඔහු ආදර්ශයකි.


ස්ටීව් ස්මිත් ලොව අංක එකේ පිතිකරුවා ය. එක වරදක් වෙනුවෙන් ඒ දක්ෂයා විනාශවෙනවා දකින්නට මම අකැමැත්තෙමි. ඔහුට නැවත ක‍්‍රිකට් පිටියේ තැනක් ලැබේ නම් ඒ දවස දකින්නට මම කැමැත්තෙමි.


කළ වරද අවංකව පිළිගන්නන්ට සමාව දෙන්නට මම දෙවරක් නොසිතන්නෙමි.

9 comments:

  1. අවංකයෙක් නම් පන්දුව පළුදු කරලා තරග දිනන්න ප්ලෑන් කරයිද බං? මුන්ගේ තරග ප්ලෑන් එකනි පන්දුව පළුදු කරන එක. අනික කරපු වැඩේ හොද නෑ කියලා පස්සේ තේරිලා වැරැද්ද පිළිගත්තු එකක් නෙමෙයිනේ. මුන්ගේ වැඩේ වීඩියෝ වලින්ම සාක්ෂි එක්ක මාට්ටු උනේ. ඊට පස්සේ වැරැද්ද කලේ නෑ කියන්න බෑනි.

    මුන් මැච් දිනන්න මේ වගේ නිතිවිරෝධී වගේම සදාචාරාත්මක නොවන දේවලුත් කරනවා. කලින් ලංකාව එක්ක තිබ්බ ලෝක කුසලාන අවසන් තරඟයකදී මුන්ගේ බැට්ස්මන් කෙනෙක් ග්ලවුස් එක පස්සේ පොඩි ටෙනිස් බෝලයක් දාගෙන හිටියා. එහෙම කරේ බැට් එක අල්ලා ගන්නකොට අමතර හයියක් ගන්න. එහෙම කරලා ලකුණු අරං මැච් එක දින්නා. මේ වගේ පජාත සැලසුම් හදලා තමයි මුන් මැච් දිනන්නේ.

    අනිවාර්යයෙන්ම මුන්ට ජිවිත කාලෙම තරග තහනම් කරලා, මුන්ගේ ටීම් එකටත් කාලයක් යනකං මැච් තහනම් කරන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තුතියි... මා කතා කරන්නේ අවංක ලෙස වරද පිළිගැනීම ගැනය...

      Delete
  2. ස්මිත්ට තවත් අවස්ථාවක් දෙනවා නම් මමත් කැමතියි. වරදට දඬුවම දෙන්න ඕන කියල මුලින් හිතුවත් පස්සෙ අදහස වෙනස් වුනේ වීඩියෝව දැක්කයින් පස්සෙයි. අපි ඔක්කොම හැඟුම්බර මිනිස්සු ;)

    ReplyDelete
  3. 1995/96 මුරලිට ගේමක් දෙන්න ඔසියෝ ගහපු ගැට මෙල්බන්වල ලගින කළු සුද්දන්ට අමතක වුනාට අපිට තාමත් මතකයි

    කළ වරද අවංකව පිළිගන්නන්ට සමාව දෙන්නට කලින්උන් හිතන්නේ ඔනී. ඔය දේ අපේ රටේ එකෙක් කලානම් කොහොමද මුන්ගේ කෙරිල්ල කියලා

    තොට ඔසී ලොකුවුනට අපට පුක ද ?

    ReplyDelete
  4. Yes he should be commended for that sincere apology. Great father as well.

    Lotus

    ReplyDelete
  5. අන්න ඇක්ටින්... කදුලු දැක්කම පව් කියලා හිතෙනවා, ඔහෙමෙ හිතන්න ගිහින් තමයි පතෙ ාල වගෙ එකෙක්ට රට ගියෙත්😂

    ReplyDelete
  6. ඕව බොරු... මුන් මුරලිට දුන්න ගේම අමතකද? උන් ඒක එදායින් ඉවර කළේ නෑ. පස්සේ කාලෙක සමහර ක්‍රිඩකයන් ලිව්ව පොත් වල පවා මුරලිව පතුරු ගැහුවා. අපේ උන් දිල්ස් කූප් එක ගහනකොට රෑෂ් ‍ෂොට් කියලා පහත් කළා. උන් මොකක් හරි අමුතු ෂොට් එකක් ගැහුවොත් ඉනොවේටිව්.

    ReplyDelete
  7. ලංකාවෙ වුනා නම් කැමරාවට අහුවුන නවක ක්‍රීඩකයාට බල කරනවා උඹව බලා ගන්නම් වෙන කාවවත් අහු කරන්න එපා වගකීම බාර ගනින් කියලා.
    පුලුවන් වුනොත් විදේශීය කුමණ්ත්‍රනයක් කියලත් කියනවා

    ReplyDelete