Thursday, July 21, 2016

මාර්ග සතිය..........

ආර් පේ‍්‍රමදාස මහතා විසින් ආරම්භ කරන ලද මාර්ග සති වැඩ සටහන දේශපාලනීකරණය වීම නිසා ආයාලේ ගිය හොඳ වැඩ සටහනක් ලෙස මට දැනෙයි. තෝරාගත් මැතිවරණ කොට්ඨාශයක තෝරාගත් ග‍්‍රාමීය මාර්ග රැුසක් සතියක හෝ දෙකක කාලය තුළ පිළිසකර කිරීම මේ වැඩ සටහනට ඇතුළත් විය. සම්පූර්ණ වැඩ සටහන ක‍්‍රියාත්මක වූයේ මහජන සහභාගිත්වයෙනි. ශ‍්‍රමදානයෙනි. අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර සැපයුණේ මාර්ග සංවර්ධන අධිකාරියෙනි.


තමන්ගේ ගමේ පාර සාදා ගැනීම සඳහා ප‍්‍රදේශවාසීන් දැක්වූ කැපවීම සහ උද්‍යොගය ගමට කිසිදු සබඳකමක් නැති අප තුළ පවා මහත් ආශ්වාදයක් ඇති කරන්නට සමත් විය.  


වැඩ සටහනේ මූලික දුර්වලතාව වූයේ මාර්ග තෝරා ගැනීමේ ක‍්‍රමවේදයයි. ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම්වරයා සහ ප‍්‍රදේශයේ සමිති සමාගම් එක්ව කළ මේ තෝරාගැනීමට උඩින් පාත්වන්නේ ප‍්‍රදේශයේ මහ දේශපාලකයාය. ඉන්පසුව ප‍්‍රදේශයේ කුඩා දේශපාලූවන් ය. කළින් සාකච්චා කර සකස් කර ලැයිස්තු ගත කළ පාර වෙනුවට වෙනත් පාර ආදේශවන්නේ මේ දෙවන වටයේදී ය. දේශපාලන බලවතාගේ වත්තට යන පාර මහ ගෙදරට යන පාර ඒ ඒ බලවතුන්ගේ සුරතලියන්ගේ  මහප්පාගේ බාප්පාගේ ගෙදරට යන පාර ආදී වශයෙන් මහජනතාවට කිසිදු වැදගත් කමක් නැති පාරද මේ ලැයිස්තුවට එක්වන්නේ එක්කෝ තිබෙන පාරක් කපා දමමින්ය. නැත්නම් අලූතින්ම ඇතුල් කරමින් ය. බොහෝ විට සිදුවන්නේ පළමු එක ය.


මේ බොහෝ රැුස්වීම් වලට මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ප‍්‍රදේශයේ විධායක ඉංජිනේරුවරුන්ටත් අදාල ව්‍යාපෘතිය සඳහා යන්ත‍්‍ර සූත‍්‍ර සැපයීමේ වගකීම දැරූ මටත් සහභාගිවන්නට සිදු වන බැවිත් මේ අප‍්‍රසන්න අත්දැකීම් සියල්ල විඳගැනීමේ අවස්ථාව අපට ලැබෙයි.


එවන් එක් අත්දැකීමක් පාදක කරගනිමින් මා ලියූ ”මාර්ග සතිය” කෙටිකතාව පළමුව රාවය පුවත්පතේත් ඉන්පසු 1999 දී ප‍්‍රකාශයට පත් වූ මගේ පළමු කෙටිකතා සංග‍්‍රහය වන ”කන්ද උඩ මාළිගාව” කෙටිකතා සංග‍්‍රහයේත් පළවිය. මේ ඒ කෙටිකතාවයි.


(නැවත ටයිප් කරන්නට කාලයක් නැති බැවින් රූප ලෙස ඉදිරිපත්කිරීම ගැන සමා වන්න)












6 comments:

  1. මේක කියෙව්වාම මගේ හිතට ආවේ මේකයි - 'පර බල්ලෝ'.

    ReplyDelete
  2. හ්ම්,මේ රටේ දේශපාලකයින්ගෙන් සතපහක තරම්වත් වැඩක් නැතත්,උන් නැතුව වැඩක් කරගන්නත් බැහැ.ඒ විදියට හැදිලා තියෙන්නේ රටේ සිස්ටම් එක,අන්න එකයි වෙනස් කරන්න ඕන.මේ රටේ දේශපාලකයෝ හිතන්නේ තමන්ට ජන්දේ දීපු උන් ගැන විතරයි.රටේ සමස්ත ජනතාව ගැන නෙමේ.හරියට දැන් ඉන්න මහාමාර්ග ඇමති කිරිඇල්ල වගේ.

    ReplyDelete
  3. ඔන්න ඒකට මහින්ද මහත්තයා...
    ටොකු ඇන ඇන දුස්කර පාරවල් පවා කාපට් කොරලා හදලා දුන්නා

    එතකොට ඔයි කියන තරුන පරපුර මොකද්ද කොලේ?
    හැම පාරකින් ම කොමිස් ගැහුවා කියලා මහින්ද මහත්තයව පැරැද්දුවා....

    ReplyDelete
  4. දවසක සිංහල OCR (optical character recognition) ඒවි!

    ReplyDelete
  5. ඔබ හරිම සංවේදී විදිහට සිදුවීම් වැල ලියා තිබෙනවා . ඒත් කටුක යථාර්තය ඒකයි ... නෙතට කදුලක් ඉනූ කතාවක් ......

    ReplyDelete
  6. කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝවට කරන දින නැති දිනපොත රේඩියෝ කෙටිකතාවට ගන්නට අවසර දෙනවාදැයි ලියන්න . ඔබට විද්‍යුත් ලිපි කිහිපයක්ද එවා තිබේ . https://www.youtube.com/watch?v=TjTgMqo_2VI

    ReplyDelete