Friday, April 22, 2016

ඌණ පූරණ

කරගෙන ගිය කතාව ටිකකට නවත්තලා පසුගිය සටහන් දෙකකට ඌණ පූරණ කරන්න අවශ්‍යයි. ”මානව” බ්ලොග් එක කියවපු මගේ අයියා - පුෂ්ප කුමාර් ජේ එදිරිසිංහ - ඊයේ ඊමේල් එකක් එවලා තිබුණා මට අමතකව ගිය තැන් කීපයක් සිහිපත් කරමින්.


බජරි හටන


බජරි හටන පත්තරේ හෙඞ් පීස් එක ළඟ තිබ්බ කවිය මම ලියලා තිබුණේ අසම්පූර්ණවයි. එහි තිබූ සම්පූර්ණ කවිය අයියා ලියලා එවලා තිබුණා.


බජරි හටන අපි දිගටම ගෙනියනවා
බජරි වලින් මුලූ දිවයින පුරවනවා
බජරි කාපු අය ඔක්කොම අලි වෙනවා
බජරි පාටියේ ලොක්කා රට කනවා


කවියේ අවසන් පදය ඒ ඒ කාලයට ගැලපෙන සේ වෙනස් කළ බවත් අයියා කියනවා.


බජරි හටන පත්තරයට ලයනල් සරත් ලියූ තවත් හාස්‍ය ගීයක් අයියාට මතකයි. ඒ කාලයේ අධ්‍යාපන ඇමතික හිටිය අයි එම් ආර් ඒ ඊරියගොල්ල මහතා පද රචනය කළ ලෝකෙන්  උතුම් රට ලංකාවයි - ලංකාවයි සිරි ලංකාවයි ගීතයේ තනුව අනුව ලයනල් සරත් බජරි හටනට ලියූ ගීතයේ පද මෙහෙමයි.


ලෝකෙන් උතුම් රට ලංකාවයි
ලංකාවයි බැරි ලංකාවයි
අපෙ කෙළි භූමිය ලංකාවයි

මීට වැඩිය හොඳ හවායි දූවයි
මිහිබට සුරලොව ඒ රටදෝ
එහි කෙල්ලන්ගේ දෙකකුල් මහතයි
ඉන් සැප දෙයි නිබඳේ නිබඳේ


ද්විත්ව අරුත් ඇති දෙපිට කැපෙන භාෂාවකින් ලියා බජරි හටන පත්තරේ පළවූ සමහර ලිපි නිසා සමහර දෙමාපියන් තමන්ගේ දරුවන්ට මේ ටැබ්ලොයිඞ් පත්තරය කියවන්නට නුදුන් බවත් අයියාගේ මතකයයි.


වතාවක් බජරි හටන කාර්යාලයට සීඅයිඞීයෙන් පනිනවා. ඒ කඩා පැනීම බජරි හටන පත්තරේ ලියැවුණේ රහස් පොලීසිය බජරි හටනට කඩා පැන්න නමුත් සොයාගත හැකි වූයේ අර්තාපල් අල දෙකකුත් මිරිස් කරළකුත් පමණක් බවයි.

3 comments:

  1. අදයි ආවේ මේ පැත්තේ... අපූරුයි...

    ReplyDelete
  2. මේ 2011 ලයනල් සරත් මහත්මයා ගැන පලවු ලිපියක්. තව මෙවැනි ලිපි බොහොමයක් බජරි හටන සම්බන්ධවත් අන්තර්ජාලයේ තිබෙනවා. මේවා එකතැනකට ගන්න පුලුවන් නම් හොඳයි. මේවාට නිවාඩු පාඩු නැති එක තමයි වැඩේ. මම ඉස්සර බ්ලොග්ස් ලියන කොට, ඒ මාතෘකාවට සම්බන්ධ ලිපි හෝ වීඩියෝ ක්ලිප්ස් එක තැනකට ගේන්න යම් උත්සාහයක් පෞද්ගලිකව ගත්තා .එය ඉතා සුලු උත්සාහයක්. ඒ නිහඬ උත්සාහය වටහාගත් සමහරුන්, මගේ බ්ලොගයට ලින්ක්ස්,වීඩියෝ ක්ලිප්ස් එකතුකරා. සමහරු මට පෞද්ගලිකවත් එව්වා. ඒත් අතරමග සියල්ල නතර වුනා.

    මේ 2011 ලයනල් සරත් මහත්මයා ගැන පලවු ලිපියක්.මේ 2011 ලයනල් සරත් මහත්මයා ගැන පලවු ලිපියක්.

    ReplyDelete